http://www.cbn.thambapanne.net/images/livestrpr.gif
http://thambapanne.net/pix/homeads/fblike.jpg

සරත් ෆොන්සේකා නිදහස්

2012/05/21 2:31:57 PM

තව කියවන්න »

සරත් ෆොන්සේකාගේ නිදහස් විම දැන් සජිව බලන්න

2012/05/21 12:23:08 PM

2 යාවත්කාලිනය – 01.26

ෆොන්සේකා අලුත්කඩේ

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නවලෝක රෝහලෙන් අලුත්කඩේ අධිකරණයට රැගෙන යනු ලැබීය. සුදු කොඩි නඩුව වෙනුවෙන් ඉදිරිපත් කළ ඇපෑල ඉවත් කර ගැනීමේ කටයුතු වෙනුවෙන් ඔහු රැගෙන ගොස් ඇත. ෆොන්සේකා ඔවුන් මැදින් බන්ධනාගාර රියට රැගෙන ඒම ඉතා අසීරු කාර්යයක් විය.

හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලෙන් පිටව යාමට සූදානම් සිටින බවට වාර්තාවේ.

සරත් ෆොන්සේකා මහතාගේ නිදහස් වීමේ තොරතුරු සජීවීව නිවුස් 1 st තුලින් මෙතැනින් බලන්න

සංගීත් ගේ වයෝ දැන් කරලියේ

2012/05/21 9:41:13 AM


ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඉවත් වි අලුත් සංගීත කණ්ඩායමක් සදා එහි වැඩ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සංගීත්ගේ අලුත්ම සංගීත කණ්ඩායමේ නම‘වයෝ’ (WAYO) ලෙස කර තිබේ. මිට ඉහත දි සංගීත් හවුලේ ආරම්භ කරන ලද රිගින්ටෝන් ව්‍යාපාරායේ නමද ‘වයෝ’වේ.

සංගීත්ගේ පුතුද එම කණ්ඩායමට ඩ‍්‍රම්ස් වාදනයෙන් සහය වන අතර සාමාජිකයන් 10 මෙම කණ්ඩායමේ සිටිති. සංගීත්ගේ අලුත් සංගීත කණ්ඩායමේ කළමණාකරු ලෙස ශේන් කරුණාරත්න කටයුතු කරන බව පැවසේ.

ෆොන්සේකාගේ ටිකට් කපයි

2012/05/21 9:12:16 AM

නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර රෝහලෙන් පිටව ගිය බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.

මේ අතර සරත් ෆොන්සේකා මහතා අද නිදහස් වන බව වාර්තා වේ. දැනටමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා තිබේ.

අදාළ ලිපි ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තු‍ව වෙත ලැබුණු පසුව සරත් ෆොන්සේකා මහතා නිදහස් කර යැවීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇත.

බිපාෂා සහ විවේක් මදිවට පී‍්‍රති සින්ටා එනවා

2012/05/21 6:57:07 AM

කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලියට බොලිවුඩ් තරු පායයි
කාල්ටන් සුපර් සෙවන්ස් රගර් තරගාවලිය සිවුවැනි වරටත් මේ මස 26 – 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේදිත්, ලබන මස 2 – 3 දෙදින තිඹිරිගස්යාය පොලිස් පිටියේදිත් පැවැත්වේ.

මෙවර තරගාවලියේ අවසන් දිනය වන ජුනි 3 දා දේශීය හා ඉන්දිය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය.

මේ සංගීත ප්‍රසංගයට බොලිවුඩ් තිරයේ අතිශය ජනපි‍්‍රය බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි සහභාගි තව කියවන්න »

කුළුගම්මන කන්දේ ඛේදවාචකය

2012/05/21 6:44:46 AM

කලක් පැවති පෙම් සබඳතාව අතහැර දැමුවේ යැයි උරණ වී යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු ටී 56 ගිනි අවියකින් තම පෙම්වතියටත් ඇගේ මවට හා පියාටත් වෙඩි තබා මරාදමා තමන්ට ද වෙඩි තබාගෙන ඇත.

මහනුවර කුළුගම්මන ප්‍රදේශයේ දී පෙරේදා (19) අලුයම 5.30ට පමණ තරුණියගේ නිවසට ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර තරුණිය හා ඇගේ මව එම ස්ථානයේ දීම මියගොස් ඇත. වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වූ පියා බරපතළ තත්ත්වයෙන් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

නිඳා සිටි මට වෙඩි ශබ්දය ඇසී ඇහැරී බලද්දී හැමෝටම වෙඩි තියලා
බාල දියණිය රුවනි කියයි

“මට වෙඩි ශබ්දෙ ඇහුණා. මම ගේ ඇතුළෙ නිදාගෙන හිටියේ. මට ඇහැරෙනකොට හැමෝටම වෙඩි තියල” කුළුගම්මන ප්‍රදේශයම කම්පාවට පත්කරමින් (19) වැනි සෙනසුරාදා පාන්දර මහනුවර කුළුගම්මන කන්දේ සඳුන් නිවෙසේ පියාටත්, මවටත්, දියණියටත් වෙඩි තබා තමාටත් වෙඩි තබාගත් හමුදා සෙබළකු පිළිබඳ එම නිවෙසේ කුඩා දියණිය වූ රුවනි ජයසූරිය (12) අප හා පැවසුවේ එවැනි වදන් කීපයක් පමණි. තව කියවන්න »

මාක් සුකර්බර්ග් යුග දිවියට

2012/05/20 1:52:13 PM

ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ මාක් සුකර්බර්ග් සිය දිගුකාලීන පෙම්වතිය වූ ප්‍රිසිලා චෑන් සමග ඊයේ යුගදිවියට එළඹිණි.

මීට වසර 9කට පෙර මාක් සුකර්බර්ග්ට ප්‍රිසිලා හාවඩ්හිදි හමුවූ අතර ඇය හෙට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමට නියමිතය.

එදිනම මාක් සුකර්බර්ග් 28වැනි උපන් දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි.

ෆොන්සේකා සදුදා නිදහස්

2012/05/20 3:52:05 AM

(අලුයම 3.20) දෙවන යාවත්කාලිනය
සරත් ෆොන්සේකා නිදහස් කිරිමේ ලිපි ලේඛන වල‍ට ජනාධිපති අත්සන් කරයි.
ෆොන්සේකාට නිදහස සඳුදා

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමේ කටයුත්ත සදුදා දිනයේ සිදු කෙරෙනු ඇති බවට වාර්තා වේ. ඊට අදාල අත්‍යවශ්‍ය නීතිමය කටයුතු කිහිපයක් මේ වන විටත් සපුරා ඇති බව වාර්තාවේ.

ෆොන්සේකා නිදහස් කිරීමේ ලේඛණවලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විටත් අත්සන් තබා ඇති තවදුරටත් වාර්තාවේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කටාර් රාජ්‍ය බලා පිටත්ව  යමට පෙර මෙම ලේඛන වලට අත්සන් තබා ඇති බව වාර්තාවේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේවන විටත් කටාර් රාජ්‍ය ලගා වි ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි. රාජපක්‍ෂ මහතා දින තුනත කාලයක් එහි ගත කිරීමට නියමිතය. තව කියවන්න »

ශ්‍රී ලංකාව විජයග්‍රහණයේ තෙවන වසර සමරයි (ඡායාරූප)

2012/05/19 8:57:03 PM

දියණියන් දෙදෙනා ජෙනරාල් ෆොන්සේකා බැලීමට එති.

2012/05/19 5:05:41 PM

සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) දිවයිනට පැමිණීම පසුව ඔවුන් දෙදෙනා සරත් ෆොන්සේකා  මහතා බැලිමට රෝහලට ගොස් ඇති බව වර්තා වේ.

ජනාධිපති කටාර් යන්න කලින් ‍ෆොන්සේකාට සමාව දෙයිද?

2012/05/19 1:42:37 PM

ගාලූමුවදොර පිටියේ අද (19) උදෑසන පැවති විජයග‍්‍රහණ සැමරුම් උත්සවයේදී  හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදීම ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළා.

කෙසේ වෙතත්, ඒ පිළිබඳ කිසිදු ප‍්‍රකාශයක් විජයග‍්‍රහණ සැමරුමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කලේ නැත.

නමුත් අද (19) තුළ කුමන හෝ වේලාවකදී හිටපු හමුදාපතිවරයාට ජනාධිපති සමාව දිමට වැඩි ඉඩකඩක් ඇති බව තව කියවන්න »

යාපනය සරසවි‍ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්ට පහරදීමක්

2012/05/19 10:10:25 AM

යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් ධර්ෂ නන්දන් මහතාට යාපනය, කොක්කුවිල්, කලටි හන්දිය ප්‍රදේශයේ දී කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී තිබේ.

ඊයේ(18) පෙරවරුවේ සිදුවූ මෙම පහරදීමෙන් හිසට සහ පාදවලට සිදුවූ තුවාල සහිතව නන්දන් මහතා යාපනය රෝහලට ඇතුළු කර ඇති බව වාර්තා වේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.අද පස්වරුවේ ධර්ෂ නන්දන් මහතා මුල්ලිවයික්කාල් සිද්ධිය සම්බන්ධව කතාවක් සිදුකිරීමට නියමිතව තිබූ බව වර්තා වේ. තව කියවන්න »

විජයග්‍රහණය තෙවර්ෂ පුර්ණ සැමරුම් සජිවි විකාශය

2012/05/19 7:50:50 AM


විජයග්‍රහණය තෙවර්ෂ පුර්ණ සැමරුම් සජිවි විකාශය

අප්සරා සහ අපර්ණා අද හෙටම දිවයිනට

2012/05/19 7:14:38 AM

සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් වන අප්සරා ෆොන්සේකා හා අපර්ණා ෆොන්සේකා අද (19) හෝ හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තාවේ.

සිරගතව සිටි තම පියාට නිදහස ලැබිම හේතුවෙන් ඇමරිකාවේ පදිංචිව සිට ඔවුන් දෙදෙනා මෙසේ දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ.

විජයග්‍රහණයට තෙවසරයි

2012/05/19 7:01:17 AM

කුරිරු ත‍්‍රස්තවාදි ප‍්‍රභාකරන් මරණයට පත්වී අදට වසර 3කි. පහත පළවන්නේ ප‍්‍රභාකරන් මරණයට පත්වූ අවස්ථාවේ ඡායාරූප එකතුවකි.

තව කියවන්න »

Related Posts Plugin for WordPress, Blogger...

මුහුණු පොතේ අපි

Plus Movies

http://thambapanne.net/pix/sidebar/movies.gif

අලුත් සිංහල සින්දු

http://thambapanne.net/pix/sidebar/mp3.gif

email

Enter your email address:

Delivered by FeedBurner

Admin Contact

My status

NEW PIX

පැරණි පුවත් සදහා

ආපු ගිය අයගේ විස්තරේ

Download
messenger.msn
messenger.yahoo
Skype Messenger
WinZip
Download Accelerator
Real Player
Windows Media Player
WinAmpPlayer
Flash Player
Shockwave Player
Macromedia
Adobe
Nero
Internet Explorer
Netscape
Mozilla Firefox
Opera
Java sun
Picasa
Winrar
Free download

Site Statistics

Nimnaya Blog Reader